විනාඩියක් තුලදී වරකට ගල් 6 බැගින් නිෂ්පාදනය කල හැකි රෝද මත දිවෙන, නවතම බ්ලොක් ගල් මැෂිමේ ඇත්ත කතාව සම්පූර්ණයෙන්…. (සම්පූර්ණ මුදලම, වැඩකරන දින 60 කදී ආපසු…)
අප දැක පුරුදු බ්ලොක් ගල් මැෂිමකින් ගල් නිපදවීමේදී, ගල් නිපදවනවාට වඩා කාලයක් හා මහන්සියක් දැරීමට සිදුවන්නේ ගල් ඔසවාගෙන යාම සඳහායි. එනිසා සේවකයාගේ ශමය මෙන්ම කාලයද නිරපරාදේ නාස්ති වී යයි.
අපගේ නවතම AMT බ්ලොක් ගල් මැෂිම, එම දුර්වලතා සියල්ලට විසඳුමක් ලෙස නිෂ්පාදනය කරන ලද්දකි. වත්මන් ලෝකයේ දියුණු රටවල ලෑලි තට්ටු මත බ්ලොක් ගල් නිපදවීම සිදු නොකරන අතර, ඒ වෙනුවට වැඩිපුරම භාවිතා කරනුයේ, මෙවැනි රෝද මත දිවෙන මැෂින් බව ඔබ දන්නවාද? ඒ පිළිබද සාක්ෂි වශයෙන් වීඩියෝ දර්ශන ඕනෑ තරම් අප සතුව ඇත.
අන්තර්ජාලයේ You Tube වෙත පිවිස, concrete block making machines යනුවෙන් හෝ cement block making machines යනුවෙන් ටයිප් කර සෝදිසි කිරීමෙන් ඔබටම මෙය තහවුරු කරගත හැක. එමෙන්ම එමගින් දිනකට බ්ලොක් ගල් දහස් ගණන් නිපදවන අයුරු, ඔබටම දැක ගත භැකි වනු ඇත. අපගේ මෙම නව මැෂිමකින් විනාඩියක් තුල ගල් 6 ක් නිපදවිය හැක. ඒ බව අපි ඔබට ඔප්පු කර පෙන්වන්නෙමු. අනෙක් ලෑලි තට්ටු මැෂිමකින් සේවකයෙකු දිනකට උපරිම නිපදවන්නේ ගල් 325 ක් පමණි. ගලකට රු.5/- බැගින් ගෙවන්නේ නම් ගල් 325ට රු.1625/- ක් ඔහුට දිනකට ගෙවිය යුතුය. වරකට ගල් 2 බැගින් එම ගල් 325 නිපදවීමට ඔහු 163 වාරයක් පමණ මැෂිම කියාකරවිය යුතුය. එමෙන්ම 163 වාරයක් ගල් ඔසවාගෙන යා යුතුය. එහෙත්, ගල් ඔසවා ගෙන යා යුතු නැති අපගේ නව මැෂිම 163 වාරයක් කියාත්මක කලවිට 163 X 6 = ගල් 978ක් ලැබේ. මෙහි සේවයට තව අමතර සේවකයෙකු යෙදවූ විට දිනක වැඩ කරන කාලය තුලදී අවම වශයෙන් ගල් 1300 ක් නිපදවා ගැනීම ඉතාමත් පහසු කාර්යයකි.
එසේ සේවකයින් දෙදෙනෙකු යෙදවූ විට එක් අයෙකුට රු.1625/- බැගින් දෙදෙනෙකුට දිනකට රු.3250/- ක් වැටුප් ගෙවන්නේ යයි සිතමු. නව මැෂිමෙන් දිනකට ඔවුන් නිපදවන අවම ගල් පමාණය 1300 ක් වූවත් එවිට එක් ගලකට වැය වන්නේ රු.2.50ක් පමණකි. (1300 X 2.50 = 3250/-)
එවිට එක් ගලක් නිෂ්පාදනයට ඔබ කලින් දැරූ වියදමෙන් ඔබට රු.2.50ක් ඉතිරි වේ.එනම් එක දිනක් වැඩ කල විට ගල් 1300 කින් ඔබට ඉතිරිවන මුදල හෙවත් ඔබ ලබන අතිරේක ලාභය රු.2.50 X 1300 = රු.3250/-කි. අපගේ මෙම නව මැෂිමක මිළ රු. 195000/- ක් වන අතර, එම අතිරේක ලාභයෙන් පමණක් ඔබට මෙම මැෂිමට වැය කළ රු.195000/-ක් වූ සම්පූර්ණ මුදලම, වැඩකරන දින 60 කදී ආපසු ලැබෙනු ඇත. (රු.3250/- X 60 = රු.195000/-) .
ලෑලි තට්ටු මැෂිමක් සඳහා වරින් වර ලෑලි තට්ටු අලුත් කල යුතු අතර, ඒ සඳහා වරින් වර සෑහෙන මුදලක් වැයකිරීමට සිදුවේ. අපගේ නව මැෂිමෙන් ගල් නිපදවීමට ලෑලි තට්ටු අවශ්‍ය නැත. නිපදවන ගල් වියලීම පිණිස වෙනත් තැනක තැබීමට ඔසවාගෙන යා යුතුද නැත.
ගල් හයකට ඇති තරම් බදාම, වීල්බැරෝවකට පුරවා ගෙනවුත් වීල්බැරෝවෙන්ම එකවර මැෂිමටම දැමිය හැක. සුදුසු අන්දමේ තද බවකින් යුතු සමතලා බිමක එලන ලද පොලිතින් එකක් මත ගල් නිපදවිය හැකි අතර, ගල් 6ක් නිපදවූ පසු ඊට අඟල් 2ක් පමණ කුඩා දුරකින් ඊලඟ ගල් 6 නිපදවිය හැක. එනිසා සීමිත ඉඩකඩ උපරිම අයුරින් පිරිමසා ගනිමින් ගල් නිපදවිය හැක.
නිපදවන ගල් පැය 18 කට පසුව වුවද ඉවත් කල හැකි තරම් තද බවින් යුතුය. මෙම මැෂිමේ අච්චුව විද්‍යානුකූල ලෙස, සමබරව කම්පනය වීමට සලස්වා ඇති බැවින් , අනෙක් මැෂින් වල නිපදවන ගල් මෙන්ම, මෙම ගල් ද මනා ශක්තිමත් බවකින් යුක්ත වන බවට අපි සහතික වෙමු. එය ඔබටම ඔප්පු කර පෙන්වන්නෙමු. මෙමගින් නිපදවන ලද ගල්ද පරීක්ෂා කර බැලිය හැක.
මෙහි අච්චුව පොලව සමග කෙලින්ම නොගැටෙන පරිදි රබර් කොට්ට 4ක් මත පිහිටන බැවින් ගල් නිපදවීමේදී නැගෙන ශබ්දය ඉතාම අඩුය. එමෙන්ම එය අච්චුව වඩාත් හොඳින් කම්පනය වීමට උපකාරී වෙයි. මෙහි ඇත්තේ නිවසේ විදුලියෙන් ක්‍රියා කරවිය හැකි අශ්ව බල 2 මෝටරයකි.
අනෙක් මැෂිමකින් ගල් 2ක් නිපදවීමට වැයවන විදුලියෙන්ම, මෙමගින් ගල් 6ක් නිපදවිය හැක. තවද අච්චුවට බදාම පුරවා වරක් මෝටර් ස්විචය දැමූ පසු, මෝටරය ඉබේම නවතින පරිපථයක් මගින් ගල් සැදී අවසන් වූ වහාම මෝටරය නවතියි. එබැවින් විදුලියද පිරිමසාලයි.
නිපදවන ගල්වල උස අඩු වැඩි කල හැකි අතර, වගකීමක් සහිතව අලෙවි කරනු ලබන මෙම මැෂින්, රළු පාවිච්චියට ඔරොත්තු දෙන පරිදි ශක්තිමත් යකඩ යොදා නිපදවා ඇත.
වගකීම් කාලය ඉක්මවා දිගු කලක් පාවිච්චි කිරීමෙන් පසුව වුවද, මෙහි ගෙවී යන්නේ වෙළඳ පොලෙන් මිලදී ගත හැකි යකඩ කොටස්ය. එබැවින් ඒවා ඇන වලින් ගලවා ඔබටම සවි කර ගත හැකි අයුරින් මෙම මැෂින් නිපදවා තිබීම මැෂිමක් මිලදී ගන්නා අයෙකුට හිමිවන අමතර වාසියකි. මෙම නවතම මැෂින් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න.
077 – 40 87 360
Gal 6 – Block Gal Machine
Rs.0Ad Reference ID: 2275579c6a7cc0f9
668 total views, 4 today
Category Name:





1000w power inverter
Apple iphone 5c 8GB Original
Kia Sorento 2012
Samsung Note full set Original
Nikon D300S Body
Quantity Surveyor – Sri Lanka
House For Sale Baddegama
Samsung GALAXY S ll Original
House For Rent Athurugiriya